දේශීය

ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී අල්ලයි

රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍යක් වන කුෂ් සහ කොකේන් තොගයක් සඟවා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී පාර්සල් 04ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව එම පාර්සල් විවෘත කිරීමේදී රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා කොකේන් ග්‍රෑම් 80ක් සහ රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 500ක් සොයා ගෙන තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ෂණ සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *