කොවිඩ් ආසාදිතයින් රැගෙන ගිය බස් රථයක් අසේලපුරදී අනතුරට
නිරෝධායනය සඳහා පිරිසක් රැගෙන ගිය බස් රථයක් තවත් බස් රථයක ගැටීමෙන් පොළොන්නරුව අසේලපුර ප්‍රදේශයේදී අද (04) උදෑසන අනතුරුට ලක්ව තිබේ.
පොලීසිය පැවසුවේ මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ සිටි කොවිඩ් ආසාදිතයින් 23දෙනෙකු පුනානි නිරෝධායන මධ්‍යස්ථාය වෙත ප්‍රවාහනය කරමින් සිටින අතරතුර බවයි.
අනතුර හේතුවෙන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් අතර අදාළ බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා ද වන බව පොලීසිය පවසයි.
ඔවුන් පොළොන්නරුව රෝහළට ඇතුළත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
