අටලුගමදී PHIට කෙල ගැසූ පුද්ගලයා රිමාන්ඩ්
පසුගිය බදාදා (02) සෞඛ්‍ය අටුලුගමදී පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධිය සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබේ.
ඒ අනුව අදාළ සැකකරු එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරුවීමෙන් පසුව එම පුද්ගලයාව රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් අටුලුගම ප්‍රදේශයට ගොස් තිබුණි.
එහිදී එම පුද්ගලයා රෝහල්ගතවීම ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා තිබේ.
නිරෝධායන නීති පනත යටතේ සහ රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම යන කරුණු යටතේ සැකකරුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
