මහර සියලු රැඳවියන් කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණයට – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ
මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබේ.
එළඹෙන සති අන්තයේ මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව බන්ධනගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
මහර බන්ධනාගාරයේ 2,800කට අධික පිරිසක් රඳවා සිටින අතර මේ වනවිට මෙරට කොරෝනා ආසාදිත වූ බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 1,382කි.
දිවයිනේ සෙසු බන්ධනාගාරවල රැඳවියන්ද කොරෝනා ආසාදිත දැයි තහවුරු කිරීම සඳහා පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත බව බන්ධනගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
