රෝමේන් ග්‍රොස්ජියන් රෝහලෙන් පිටව යයි
34හැවිරිදි රෝමේන් ග්‍රොස්ජියන් පසුගිය ඉරිදා (29) බහරෙන් ග්‍රෑන්ඩ් ප්‍රීක්ස් හී සිදුවූ මෝටර් රථ අනතුර හේතුවෙන් තුවාල ලැබූ රෝමේන් ග්‍රොස්ජියන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉතා බිහිසුණු ලෙස මෙම අනතුර සිදුවී ඇති අතර මොහුව පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ රෝමේන්ගේ ශරීරයේ කිසිදු අස්ථි බිඳීමක් සිදුව නොමැති බවත් ඔහුගේ දෑත් පිලිස්සීමකට ලක්ව ඇති බවත් ය.
කෙසේවෙතත් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ රෝමේන් පසුගිය අඟහරුවාදා රෝහලෙන් පිට වීමට සිටි නමුත් වෛද්‍යවරුන් ඔහුව ඊයේ (03) උදෑසන දක්වා රෝහලේ රඳවාගෙන සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
