දේශීය

සුළං බලයෙන් මෙගාවොට් 110ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කෙරේ

මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරය හරහා ලබන සතියේ සිට සුළං බලය මගින් මෙගාවොට් 110ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බව විදුලි බල අමාත්‍යාංශය පවසයි.

කුළුණු 30කින් සමන්විත එම බලාගාරයේ කුළුණු 10ක ජනන කටයුතු ලබන අඟහරුවාදා සිට ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති අතර එම බලගාරය නම් කර තිබෙන්නේ ‘’තම්බපවනී’’ ලෙසයි.

එම බලගාරයේ සෙසු කුළුණු 20සේ ජනන කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට නියමිත බව විදුලි බල අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *