ක්‍රීඩා

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන දඹුල්ල වයිකින්ග්ට හිමි වේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම හා දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර ඊයේ (03) පැවති තරගයෙන් ජය ගැනීමට දඹුලු පිලට හැකි විය.

තරගයේ කාසියේ වාසිය දිනූ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර එහි දී  කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා ගැනීමට සමත් විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් හා කුසල් ජනිත් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වූවත් සෙසු පිතිකරුවන්හට වැඩි ලකුණු ප්‍රමාණයක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට නොහැකි විය.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 2ක් හා මාලින්ද පුෂ්පකුමාර කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.

ලකුණු 157ක් ජයග්‍රාහී ඉලක්කයක් සමඟ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට හැකි විය.

ඇන්ජෙලෝ පෙරේරා පන්දු 49ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමඟ ලකුණු 67ක් රැස් කළේය.

දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක ලකුණු 33ක් තම කණ්ඩායම වෙනුවෙන් එක් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී මුනාෆ් පටෙල්, දිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න යන අය එක් කඩුල්ල බැගින් බිඳ හෙලන ලදි.

මෙම තරගය ජය ගැනීමත් සමග දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණ ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *