දේශීය

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 476ක් දිවයිනට – තවත් ශ්‍රී ලාංකිකයන් 288ක් රැකියා සඳහා පිටව යයි

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 476දෙනෙකු අද (04) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව කටාර් රැඳී සිටි 45දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි130දෙනෙකු සහ ජපානයේ රැඳී සිටි 07දෙනෙකු මෙලසෙ දිවයිනට පැමිණි ඇත.

විදෙස්ගත රැකියාවල නිරතව සිටියදී විවිධ ගැටලුවලට මුහුණදී සිටි ශ්‍රී ලාංකිකයින් 294දෙනෙකුද දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

එසේම ශ්‍රී ලාංකිකයින් 288දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටව ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *