මහන්වර දිගන ප්‍රදේශය ආශ්‍රිතව අදත් භූ චලනයක්
අද (05) මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව තවත් සුළු භු චලනයක් සිදුවී ඇත.
අද පෙ.ව.05.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව මෙම භූ චලනය සිදු වී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළේය.
භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ ප්‍රකාශකයෙකු මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ රිච්ටර් මාපකයේ ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවලට මෙය සටහන්ව ඇති බවයි.
පසුගිය මාසයේ මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි සුළු භූ කම්පන 06ක් පමණ සිදු වී ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂඥයින් විමර්ශන ආරම්භ කර ඇති නමුත් මේ දක්වා ඊට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
