මහරට පත් කළ කමිටුවේ සමාජික සංඛ්‍යාව ඉහළට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර බන්ධනාගාරයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කර ඇත.
මහර සිදු වීම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසු ගිය දිනෙක පත්කර තිබු නමුත් තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු එම කමිටුව සඳහා පත් කර ඇති අතර මේ වන විට 20 දෙනෙකු ගෙන් යුතු කමිටුවක් එම විමර්ශන කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
විමර්ශන කමිටුව මෙම සිදුවීම සම්බන්ධයෙන්, සිදුවීමට අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් ලබා ගනිමින් විමර්ශන කටයුතු වැඩි දුරටත් සිදු කරන බව පොලිස්පතිවරයා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
