ක්‍රීඩා

ධනුෂ්ක ගුණතිලකගේ උත්සහය අසාර්ථක වෙයි – දඹුල්ල ජය ගනි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් ජය ගැනීමට දඹුල්ල වයිකින්ග් හට හැකි විය. ඒ පස් වන වරටත් ගෝල් ග්ලැඩියේටර්ස් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් දුන් අතර එහි දී කඩුලු 4ක් දැවී ලකුණු 207ක් ලබා ගැනීමට සමත් විය.

උපුල් තරංග පන්දු 54න දී හයේ පහරක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 77 රැස් කිරීමට සමත් විය.

නිරෝෂන් දික්වැල්ල පන්දු 37කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 60ක් රැස් කළ අතර නායක දසුන් ශානක පන්දු 21ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර ක් සමගින් ලකුණු 37ක් රැස් කරන ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි

ධනුෂ්ක ගුණතිලක පන්දු 52ක දී ලකුණු 78ක් රැස් කළ අතර, අසාම් ඛාන් පන්දු 24ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමඟ ලකුණු 55ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී අන්වර් අලී කඩුලු 3ක් බිද හෙලීමට සමත් වූ අතර තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමි විය.

ප්‍රසාද ලකුණු සටහනේ යළි දෙවන ස්ථානය හිමි කර ගැනීමට දඹුල්ල වයිකින්ග් සමත් වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *