මහර ගැටුමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු හඳුනාගැනේ
මහර බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු ඥාතීන් විසින් හඳුනාගෙන ඇත.
එම සිද්ධියෙන් මරණයට පත් 11දෙනෙගෙන් දෙදෙනෙකුගේ සිරුරු මෙලෙස හඳුනාගෙන ඇත.
මෙලෙස හඳුනා ගෙන ඇත්තේ වත්තල හා ජාඇළ ප්‍රදේශවල පදිංචිව සිටි 31 හා 39 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පොලිස්පතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ එම මෘත ශරීර හඳුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි. එසේම පිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
