මහර ගැටුමෙන් මියගිය රැඳවියන් 06දෙනෙකු හඳුනා ගැනේ
මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 06දෙනෙකුගේ සිරුරු මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
පසුගිය (29) වනදා මහර බන්ධනාගාරයේ මෙම ගැටුම ඇති විය.
මෙම සිද්ධියෙන් රැඳවියන් 11දෙනෙකු මියගිය අතර දෙදෙනෙකුගේ සිරුරු ඊයේ (05) දිනයේදී ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද (06) දිනයේ තවත් 4දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන තිබේ.
කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ පුද්ගලයින් 116දෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
