දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 147ක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 147දෙනෙකු අද (07) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව කටාර් රැඳී සිටි 50දෙනෙකු, සවුදි අරාබියේ රැඳී සිටි 52දෙනෙකු, මාලදිවයිනේ රැඳී සිටි 44දෙනෙකු සහ පාකිස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු මෙලසෙ දිවයිනට පැමිණ ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සුදානම් කර ඇත.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 67ක් තුළ පුද්ගලයින් 6,879 දෙනෙකු නිරෝධායනය වෙමින් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *