විදේශීය

හඳුනානොගත් රෝගයකින් ඉන්දියාව තවදුරටත් පීඩාවට

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයන් හි හඳුනානොගත් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 140දෙනෙකු රෝහල්ගත කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම රෝගීන්ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර එම රෝගීන් අතර ළමුන් ද සිටින බවයි.

අදාළ රෝගීන් PCR පරික්ෂණ සඳහා යොමු කළද ඔවුන් කිසිවෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් රෝගී වු බොහෝ පිරිසක් ඉක්මනින් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *