දේශීය

ඇඹිලිපිටිය 100 කණුවේ මාරක අනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ 100 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ලොරි රථය අතුරු මාර්ගයකට හැරවීමට උත්සහ කිරීමේදී අද (07) මෙම අනතුර සිදුව ඇති බවයි.

මියගිය තරුණයින් දෙදෙනා අවුරුදු 18ක් පමණ වයසැති ඇඹිලිපිටිය – 98 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ඇඹිලිපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *