එගොඩඋයනේ මිය ගිය දැරියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද
මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදික මාරුවක් මතදී යතුරු පැදියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ දැරියන් දෙදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (07) සිදුකිරිමට නියමිතව තිබේ.
වයස අවුරුද්දක හා අවුරුදු 7ක දැරියන් දෙදෙනෙකු මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් ඇත. එම දැරියන්ගේ මළ සිරුරු හා කළලය ඔවුත්ගේ ඥාති නිවසක තැන්පත් කර ඇත.
මෙම දැරියන් දෙදෙනාගේ මව වයස අවුරුදු 23ක සිව් මස් ගැබිණි කාන්තාවක් වූ අතර ඇයද මෙම අනතුරෙන් බරපතල ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අද පස්වරුවේ මොරටුව ශාන්ත මරියා දේවස්ථාන සුසාන භූමියේදී දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
