කිලෝ 500ක් බරැති බෝම්බයක් ජර්මනියෙන් හමු වේ
දෙවන ලෝක යුද සමයට අයත් පුපුරා නොගිය අධිබලැති බෝම්බයක් ජර්මනියෙන් හමුවී තිබේ.
ඒ හේතුවෙන් ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් නුවර පුද්ගලයින් විශාල පිරිසක් පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත්කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
එංගලන්තයේ නිෂ්පාදිත කිලෝග්රෑම් 500ක පමණ බරකින් යුතු එම බෝම්බය ඉදිකිරීම් භූමියක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව එම ස්ථානයට මීටර් 700ක් පමණ ඇතුළත ප්‍රදේශයේ පදිංචිකරුවන් 13,000ක් පමණ පිරිසක් තාවකාලිකව ඉවත්කර බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
