දේශීය

පළාත් කිහිපයකට අදත් වැසි

අද (07) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුර සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී  වැසි ඇතිවිය හැකි අතර උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්‌ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකිය.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *