ගෝලීය නවතම තතු – COVID
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වු ලොව පුරා සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 67,393,283ක් වේ.
ඉන් මේ වන විට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 46,584,229ක් වන අතර වෛරස ආසාදනය වී මරණයට පත්ව ඇති පුද්ගල සංඛ්‍යාව 1,541,747ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
වෛරසට ගොදුරු වූ ආසාදිතයින් වාර්තා වන සංඛ්‍යා දත්ත අනුව රටවල් ලැයිස්තු ගත කර ඇත. මුල් පෙලේ රටවල් දහයේ 6වන තැන ස්පාඤ්ඤය සිටි අතර 8වන තැන ඉතාලිය සිටන ලදි. නමුත් මේ වන විට 6වන තැනට ඉතාලිය පැමිණ ඇති අතර 8වන තැනට ස්පාඤ්ඤය පැමිණ ඇත.
ඒ අනුව ස්පාඤ්ඤය වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව අඩු වීමක් සිදුව ඇති අතර ඉතාලියේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27,877ක් වේ.
පුද්ගලයින් 20,460ක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 6,991ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 140ක් වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
