නිරෝධායන නීතී කඩ කළ පුද්ගලයින් 09කට දඩ නියම වේ
හබරාදූව ප්‍රදේශයේ මුව ආවරණ පැලඳ නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 09 දෙනෙකුට අද (07) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා විසින් දඩ නියම කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් එක් අයකුගෙන් රු.3,000.00 බැගින් අත්අඩංගුවට ගත් 09දෙනා හට රු.27,000.00ක දඩ මුදලක් ගෙවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් නියම කර තිබේ.
නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා විසින් මේ බව සඳහන කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
