කෑගල්ල හා කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
හෙට (09) කුරුණෑගල ප්‍රධාන ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කෑගල්ල පාර, කුරුණෑගල සහ කොළඹ පාර ඇතුළු සියලූම අතුරු මාර්ගවල ජල සැපයුම මෙලෙස අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇති අතර හෙට (09) පෙ.ව. 9.00 සිට අනිද්දා (10) පෙ.ව. 9.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව දැනුම් දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
