දේශීය

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියළු පාසල් තවදුරටත් වසා දැමේ

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ලබන 11වන දින දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.

එම පාසල් ලබන 14 වන සඳුදා දිනයේ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් ඊයේ (07) දිනයේ සිට හෙට (09) දිනය දක්වා දින 3ක් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් වසා දැමීමට තීරණය කර තිබුණි.

කෙසේවෙතත් මෙම පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම පාසල් ලබන සිකුරාදා දිනය දක්වා වසා තැබීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *