වැස්ස හරස්වෙයි- තරගය නවතා දමයි- දෙපිලටම ප්‍රසාද ලකුණු හිමිවේ
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (08) ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් අතර තරගය පැවැත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට අවස්ථාව දඹුල්ල කණ්ඩායමට ලබා දෙන ලදි. එහිදී දඹුලු කණ්ඩායම 7 වන පන්දුවාරය අවසන් වන විට කඩුලු 3ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 42ක් රැස් කර සිටිය දී තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වු නිසා තරගය නතර කිරීමට සිදුවිය.
මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමි විය.
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ සිටින අතර දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට ද සමත් වී ඇත.
තරගවදින කණ්ඩායම් 05 මේ වන විට තරග වට 06ක් තරග වැද අවසන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
