දින 100ට එන්නත් මිලියන 100ක් – ජෝ බයිඩ්න්
ඇමරිකාවේ තේරී පත්ව සිටින ජනාධිපති ජෝ බයිඩ්න් කොවිඩ් වෛරසයෙන් ඇමරිකානු ජනතාව බේරා ගැනීම සඳහා දින 100ක පොරොන්දුවක් දී තිබේ.
බයිඩ්න් සඳහන් කර ඇත්තේ තමා ජනපති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පළමු දින 100තුළ ඇමරිකානු ජනතාව වෙනුවෙන් මිලියන 100ක කොවිඩ් එන්නත් ලබා දෙන බවයි.
ජනපති ධුරය භාර ගත් සැනින් කොවිඩ් වසංගතය රටින් තුරන් කිරීමට නොහැකි වුවත් Covid-19 වෛරසය පාලනය කිරීමට පියවර ගන්නා බව බයිඩ්න් වැඩි දුරටත් සඳහන් කරයි.
ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් එන්නත ඇමරිකාව තුළ භාවිතයට අවශ්‍ය අනුමැතිය ගැනීමට කටයුතු ඊයේ (08) ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
