දේශීය

මහර රැඳවියන් පිළිබඳ විමසීමට දුරකතන අංකයක්

මහර බන්ධනාගාරයේ රැඳවියන් සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

පසුගියදා පැවැති නොසන්සුන්තාවෙන් අනතුරුව රැඳවියන් පිළිබඳ තොරතුරු විමසීම සඳහා ඔවුන්ගේ ඥාතීන් මහර බන්ධාගාරය ඉදිරිපිටට පැමිණෙන බව බන්ධනාගාර කොමාසරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කරයි.

ඒ අනුව මින් ඉදිරියට 0112 678 600 යන දුරකතන අංකය ඇමතීමෙන් මහර බන්ධනාගාරයේ රැඳවියන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව බන්ධනාගාර කොමාසරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *