මෙරට ළාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි
මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ් මරණය ඊයේ (08) බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
සෞඛ්‍ය අංශය සඳහන් කළේ නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මිය යන විට එම බිළිදාට දින 20ක් බවයි.
පසුගිය (07) රාත්‍රියේ තොටළඟ ප්‍රදේශයේ දින 20ක් වයසැති එම බිළිඳා දැඩි අසනීප තත්ත්වය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණි.
එම දින 20ක් වයසැති බිළිඳා දැඩිලෙස නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙමින් සිටි බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබේ.
පසුව සිදුකළ PCR පරීක්ෂාවෙන් එම බිළිඳාට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වී ඇත.
එම බිළිඳා ඊයේ (08) මියගොස් ඇති අතර බිළිඳාගේ මව්පියන්ට කොවිඩ් ආසාදනය වී නොමැති බව ඔවුන්ට සිදුකළ PCR පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බව රෝහල් බලධාරීන් වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
