දේශීය

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වනදා

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස 05වන දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

එම කාරක සභාව ඊයේ (07) රැස් වූ අතර, එහි දී තීරණය වී තිබෙන්නේ ලබන වසරේ මුල් පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබඳව යළිත් වරක් රැස් වී තීරණයක් ගැනීමට නියමිත බවයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී රජයේ මුදල් කාරක සභාවේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම කාරක සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 18 සිට 21 දක්වා වැඩි වන අතර ආණ්ඩු පක්ෂයට එක් සාමාජිකයෙක් ද විපක්ෂයට සාමාජිකයින් දෙදෙනෙකු ද එක්වනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *