දේශීය

වෙලම්බොඩ දී කසළ තේ තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

වෙලම්බොඩ ඌරදෙණිය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 3,861ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කසළ තේ තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වෙලම්බොඩ අඹගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුට ලබන 11 වනදා ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

පොලීසිය භාරයට ගත් කසළ තේ පරීක්ෂා කර ගම්පොළ ප්‍රාදේශීය තේ මණ්ඩලය වෙත වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දී ඇති අතර වෙලම්බොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *