ශ්‍රී පාද වන්දනා සමය ගැන අවසන් තීරණය
2020 – 2021 ශ්‍රී පාද වන්දනා වාරය එළෙඹ උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
රට පුරා පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සහ සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර ශ්‍රී පාද වන්දනා කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව දෙසැම්බර් 27වනදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28වන දා උදෑසන ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04ක් ඔස්සේ වැඩම කරවිමට නියමිතව තිබේ.
ඒ සඳහා එක් මාර්ගයකින් පුද්ගලයින් 50දෙනෙකු බැගින් උපරිම පුද්ගලයින් 200දෙනෙකු සහභාගී කරවීමට තීරණය කර ඇත.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී ශ්‍රී පාද වන්නා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙම තීන්දු තීරණ ගෙන ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත් ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන සියලු බැතිමතුන් තමා අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වී ලියාපදිංචි සහතිකයක් ලබාගැනීම අනිවාර්ය බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
