ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70වන සංවත්සරය අද
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (09) 70වන අභිමානවත් සංවත්සරය සමරයි.
1950 දෙසැම්බර් 9 වැනිදා ”රට වට බැඳි රන් පවුරක්” තේමාවෙන් සිලෝන් රෝයල් නේවී පිහිටුවා ඇත.
”සිලෝන් රෝයල් නේවී” යන නාමය ඉවත් කරමින් 1972 වර්ෂයේ දී ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවත් සමග ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙසින් එය හැඳින්වීම ආරම්භ විය.
මුහුදු සැතපුම් 200 ක පරාසය තුළ වර්ග කිලෝමීටර 65,610 ක වැනි භූමි ප්‍රමාණයක නාවික හමුදා අණසක පතුරුවමින් , මිලියන 20 කට අධික ජීවිත ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කැපවන්නේ තම රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරමින්ය.
අද සමරණ 70 වැනි සංවත්සරය හේතුවෙන් අද සිට ලබන 13 වැනිදා දක්වා ගාලුමුවදොර පිටිය ඉදිරිපස මුහුදු තීරයේදී නෞකා දැක්මක් පැවැත්වීමට නාවික මහුදාව කටයුතු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
