CID හිටපු අධ්‍යක්ෂ ශානිගේ ඇප ඉල්ලීම ගම්පහ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ යැවීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස්ගේ ඇප ඉල්ලීම ගම්පහ මහාධිකරණය අද (09) ප්‍රතික්ෂේප කර තිබේ.
මීට පෙර නඩුව කැද වූ අවස්ථාවේ දී ඔවුන්ගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය අද දැනුම් දෙන බව මහධීකරණය දැනුම් දී තිබුණි.
ඒ අනුව මහධිකරණය විසින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
