අක්කරෙයිපත්තුවේදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කෙරේ
කාත්තන්කුඩි පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අක්කරෙයිපත්තුවේදී ඝාතනය කර තිබේ.
රාජකාරියෙන් නිරතව සිටි අවස්ථාවකදී සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් 21හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
35 හැවිරිදි අදාළ කොස්තාපල්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ ඥාතියෙකු බවට ද වාර්තා වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
