දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

අද (10) කොළඹ ප්‍රදේශ කිහිපයකට පෙරවරු 7.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

අදාළ කාල සීමාව තුළ කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය බෙදා හරිනු ලබන බවත් අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා නල මාර්ගයේ අලුත්වැඩියා කිරීමේදී සිදු වූ හදිසි බිඳ වැටීමක් ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *