රුපියල් කෝටියක හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
කෝටියකට අධික හෙරොයින් ග්‍රෑම් 898ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
මහබාගේ, වැලිසර ප්‍රදේශයේ දී මහබාගේ පොලීසිය විසින් සිදුකළ වැටලිමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරුවන් 26හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සහ සැකකාරිය හෙරොයින් පැකට් කරමින් සිට ඇති බවයි.
අද (10) මොවුන් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
