ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත නව පාසල් ලබාදීමේ වැඩපිළිවෙල Online ක්‍රමයට
මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට Online ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.
ශිෂ්‍යත්ව විභාගයේ දී දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්ම වූ සිසුන්හට නව පාසල් අයදුම් කිරීමට අදාළ අයදුම්පත් මේ වනවිට දෙමව්පියන් වෙතින් කැඳවා තිබේ.
අයදුම් පත්‍රවලට අදාළ තොරතුරු විදුහල්පතිවරුන් විසින් දත්ත පද්ධතියට ඇතුලත් කිරීම සිදු කෙරේ.
සිංහල හෝ දෙමළ යන සියලුම මාධ්‍යය ඔස්සේ අදාළ දත්ත ඇතුලත් කිරීමට අද සිට දෙසැම්බර් මස 24වැනි දා දක්වා විදුහල්පතිවරුන්ට අවස්ථාව ලබා දී තිබේ.
රට තුළ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව පැවැත් වූ අතර විභාගයට මුහුණ දුන් සිසුන් 326,264ක් අතරින් සිසුන් 47,193 දෙනෙකු කඩඉම් ලකුණු ඉක්මවා නව පාසලක් සඳහා අයදුම්කිරීමේ සුදුසුකම් ලබා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
