දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 6ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (11) පැය 6ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට රාත්‍රී 10.00 සිට පැය 6 ක් ඩීන්ස් පාර, ඩාලිපාර ඇතුළු සියලු අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ මීට අමතරව අදාළ කාල සීමාව තුළ වොක්ෂෝල් පටුමග, ඉබ්බන්වල හන්දියේ සිට කොම්පඤ්ඤ වීදිය හා අතුරු මාර්ගවලට ජලය අඩු පීඩනයක් යටතේ සැපයෙනු ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *