විදේශීය

ස්පාඤ්ඤයේ සත්ව උද්‍යානයක සිංහයන්ට කොවිඩ් වැළදේ

ස්පාඤ්ඤයේ බාර්සිලොනා සත්ව උද්‍යානයක සිංහයින් 04 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම සතුන්ගේ වෙනස් ක්‍රියා කලාපය නිසා පරීක්ෂා කළ අවස්ථාවේ අදාළ සතුන් මෙම වෛරසයට ගොදුරු වී ඇති බව හඳුනා ගෙන ඇත.

එම සත්ව උද්‍යානයේ සේවය කළ සේවකයන් දෙදෙනෙකුට ද මෙම වෙරසය ආසාදනය වී ඇති බවට සඳහන් වේ.

මෙවැනි සිදුවීමක් වාර්තා වූ දෙවැනි අවස්ථාව මෙය වේ. ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානයක කොටියන් 04 දෙනෙක්ට හා  සිංහයින් 03 දෙනෙකුට මීට පෙර මෙම කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේවෙතත් බාර්සිලොනා සත්ව උද්‍යානයේ බලධාරීන්,  ඇමරිකානු සත්ව උද්‍යානයක සිංහයන්හට ලබා දෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් දැනුවත් වීමට අපේක්ෂාවෙන් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *