ජීව උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
පන්නල ලිහිරියාගම දංකොටුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ වැටලීමකදී ජීව උණ්ඩ 303ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (10) සිදු කළ වැටලීමේදී සොයා ගත් ජීව උණ්ඩ අතර බෝර 12 වර්ගයේ උණ්ඩ 211ක්, බෝර 16 වර්ගයේ උණ්ඩ 14ක් සහ ජීව උණ්ඩ 78ක් ඔහු සතුව තිබී සොයාගත් බවයි.
මෙම උණ්ඩ තොගය සැකකරු බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිට ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා පන්නල පොලිස් ස්ථානයට භාර දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
