දේශීය

නාවලපිටියේ පාසල් සිසුවියකට කොවිඩ් වෛරසය ආසාදනය වේ

නාවලපිටිය ප්‍රදේශයේ පාසලක සිසුවියකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව  තහවුරු වී තිබේ.

PCR පරීක්ෂණයෙන් සිසුවිය ආසාදිත බවට තහවුරු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඇය පැනිදෙණිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

මෙලෙස ‍කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන්නේ නාවලපිටිය නගරයේ වෙළෙඳසැළක සේවය කළ ආසාදිත පුද්ගලයෙකුගේ දියණියකටයි.

පාසල් සිසුවියට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඇයගේ පාසලේ ගුරුවරු 4ක් හා සිසුවියන් 16දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමුකර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *