වසර 337කට පසු බ්‍රහස්පති හා සෙනසුරු පෘතුවියට
සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පති හා සෙනසුරු යන ග්‍රහයන් පෘතුවියේ සිට එකම රේඛාවක පිහිටන අවස්ථාවක් වසර 337කට පසු මෙවර උදා වී ඇත.
ආතර් සී. ක්ලාක් ආයතනය ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා සඳහන් කළේ මේ මස 21වන දා රාත්‍රීයේ එම දර්ෂණය නිරීක්ෂණ කළ හැකි බවයි.
හිරු බැස යෑමෙන් පසු රාත්‍රී 8.45ට පමණ ග්‍රහලෝක බැස යාමට පෙර මේ දිනවල බටහිර අහස දෙස බැලිය හැකි නම් ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව පෙනෙනු ඇත. 2020 දෙසැම්බර් 21 වන දින ග්‍රහලෝක දෙක අංශක දශම එකක් (0.1) ලංව තිබෙන අයුරු පෘතුවියේ සිට අහස නිරීක්ෂණය කරන විට දක්නට ලැබේ.
මෙම ඉතා දුලබ අවස්ථාවක් බවත් පියවි ඇසින් මෙය නිරීක්ෂණය කිරීමේ දී බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන් දෙක එකට සමපාතව තිබෙන අයුරු දැකගත හැකිය.
ගුණසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේ මෙලෙස මෙම ග්‍රහයන්ගේ සමීප දර්ෂණයක් මීට පෙර සිදුව ඇත්තේ 1623 වර්ෂයේ ජූලි 16වන දී බවයි.