දේශීය

සරසවි සිසුන් ලියාපදිංචිය සඳහා තවත් සතියක කාලයක්

2021 වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බදවා ගැනීමට ලියාපදිචිය සඳහා ලබා දී තිබූ කාලය තවත් සතියකින් දිර්ඝ කර තිබේ.

අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලා එම තීරණය ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.

මේ වනවිට අපොස උසස් පෙළ විභාගය සඳහා නඩු කිහිපයක් විභාග විම ඊට හේතු වී ති‌බේ.

2021 වර්ෂය සඳහා සිසුන් 41500 ක් බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *