දේශීය

PCR පරීක්ෂණ සඳහා තවත් අධිතාක්ෂණික රසායනාගාර 5ක්

PCR පරීක්ෂණ සිදු කළ හැකි තවත් අධිතාක්ෂණික රසායනාගාර 5 ක් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ති‌‌‌බේ.

කොළඹ ජාතික රෝහලේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඉන් රසායනාගාර දෙකක් ස්ථාපනය  කරන බවත් අනෙක් රසායනාගාර කළුතර, කෑගල්ල සහ කුරුණෑගල රෝහල්වල ස්ථාපනය කරන බවත් කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරයි.

අදාළ අධිතාක්ෂණික රසායනාගාර සඳහා අවශ්‍ය උපකරණ කට්ටල ලබාදෙන්නැයි එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා පිළිබඳ කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඉදිරි මාස දෙක තුළ එම කට්ටල ලැබෙනු ඇති බව ජයසුන්දර බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

මෙරට පවතින PCR පරීක්ෂණ කළ හැකි මට්ටමේ රසායනාගාර සංඛ්‍යාව 20කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *