දේශීය

ජපානයේ කුරුලු උණ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ

ජපානයේ ඔකයාමා ප්‍රාන්තයේ ගොවිපළක් ආශ්‍රිතව කුරුලු උණ රෝගී තත්ත්වයක් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වසරේ මුහුණ දුන් දරුණුතම කුරුලු උණ රෝගී තත්ත්වය ලෙස ප්‍රාන්ත බලධාරීන් විසින් හඳුන්වා දී ඇති අතර කුරුලු උණ තත්ත්වය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් එම ගොවිපළේ කුකුලන් 640,000ක පමණ ප්‍රමාණයක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

ඔකයාමා ප්‍රාන්තයෙන් කුරුලු උණ රෝගී තත්ත්වයක් වාර්තා වූ පළමු අවස්ථාව ද මෙය වන බව ප්‍රාන්ත බලධාරීන් වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *