දේශීය

මෙරට PCR පරීක්ෂණ මිලියනය ඉක්මවයි

මෙරට තුළ කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ දක්වා කාලය තුළ සිදුකළ ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1,011,919ක් බවයි.

ඒ අනුව මේ වන විට දිවයින පුරා පිහිටි රෝහල්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණාගාර 28ක PCR පරීක්ෂණ සිදු කරන අතර ඉන් වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙනි.

එම PCR පරීක්ෂණ සංඛ්‍යාව 133,188ක් වන අතර ඊට අමතරව කරාපිටිය රෝහලෙන් PCR පරීක්ෂණ 69,425ක් ද සිදුකර තිබේ.

ඊයේ (12) දිනය තුළ මෙතෙක් සිදුකළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව 17,425කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *