ඩුබායි සිට මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමක් – තිදෙනෙකු අත්අඩංගුවට
ඩුබායි සිට මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කැලණියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
