විදේශීය

නයිජීරියාවේ පාසලක සිසුන් සිය ගණනක් අතුරුදන්

නයිජීරියාවේ පාසලකට ඇතුළු වූ තුවක්කුකරුවන් කණ්ඩායමක් විසින් එහි සිසුන් සිය ගණනක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

නයිජීරියාවේ වයඹදිග කලාපයේ පිහිටි පාසලක් නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් වටලා ඇති අතර සිදුවීම ඇසින් දුටුවන් පවසා ඇත්තේ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් පාසලට කඩාවැඳී ගුවනට වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි.

අනතුරුව එම කණ්ඩායම විසින් සිසුන් සිය ගණනක් පැහැරගෙන ගොස් තිබේ.

පාසලේ සිසුන් 800කට වැඩි පිරිසක් ඉගෙනුම ලබන අතර අතුරුදන් වූ පිරිස කොපමණදැයි තවමත් නිශ්චිතව හෙළිවී නොමැත.

වනාන්තරයක් මධ්‍යයේ පිහිටි තුවක්කුකරුවන් සැඟවී සිටින බවට පැවසෙන ස්ථානයක් හමුදාව විසින් පසුව හඳුනාගෙන තිබූ අතර ඒ දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණු බවත් තුවක්කුකරුවන්ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවත් සඳහන් වේ.

සිදුවීම දැඩිව හෙළා දකින නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි අතුරුදන් පාසල් සිසුන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලෙසට ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *