දේශීය

නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 60දෙනෙකු අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 60දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔවුන් සියළුදෙනා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සහ මුහුණු ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මස 30වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 1,349දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන අතර නිරෝධායන නීතිවලට අනුගත වෙමින් සහ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *