මහර බන්ධනාගාර සිද්ධිය ගැන ප්‍රකාශ 255ක්
මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 255දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (12) දිනයේ දී පමණක් ප්‍රකාශ 27ක් සටහන් කර ගත් බවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙසැම්බර් 1වන දා සිට විමර්ශන ආරම්භ කර ඇති අතර මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පත්කළ විශේෂඥ කමිටුව මේ වනවිට එම පරීක්ෂණ දෙකක් සිදුකර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
ඒ පිළිබඳ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
