දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තවත් සේවකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඒ අනුව මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයින් 11දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊට අමතරව දඹුල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 3ක සේවකයන් තිදෙනෙක් සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීවරයෙකුට බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ PCR පරීක්ෂණ තවදුරටත් සිදුකරමින් පවතී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
